" Toxic " පුද්ගලයින් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද ?
" Toxic " කියන්නේ ...අපි ඇසුරු කරන පුද්ගලයාගේ හැසිරීම...අපිට ඍනාත්මක හා මානසික ආතතියක් හා කම්පනයක් ඇති කිරීමයි.
🤔 ඇයි කෙනෙක් " Toxic " වෙන්නේ ?
- Toxic කෙනෙක් ඔයා ඇසුරු කරනවානම් , ඔයා හොඳට ඒයා ගැන හොයාලා බලන්න . මෙයාලා කාලයකට කලින් හෝ තවමත්...දරුණු විදිහට මානසික කම්පන , ආතතීන් වලට ලක්වුණු අය...
ලක්වෙන අය
එහෙම පුද්ගලයෙක් තමන්ගේ තියෙන ඍනාත්මක සිතුවිලි, ආතතීන් මුදා හරින්නේ තව පුද්ගලයෙගේ සිත දරුණු විදිහට රිද්දවලයි.
ඇත්තටම එයාලට ඒක සතුටක් , සහනයක්.
👉 Toxic කෙනා...අපේ යහළුවෙක්, නැදෑයෙක්, දෙමව්පියෝ , girl friend / boy friend , husband / wife..මේ ඕනෑම කෙනෙක් වෙන්න පුළුවන් .
යාහළුවෙක් , නෑදෑයෙක් Toxic නම්, අපිට බොහෝ වේලාවට එයාලව ලඟින් ඇසුරු කරන්නේ නැතුව ඉන්න පුළුවන් , ඒත් සමීපතම කෙනෙක් වුණොත් , අපිට එයාලව ඈත් කරන්න බැහැ ...ඒයාලත් එක්ක කොහොමහරි ඉන්න වෙනවා.
🤔 අපි කොහොමද Toxic කෙනෙක් ඇසුරු කරන්නේ.?
👉 හොඳට මතක තියාගන්න ...මෙයාලගේ හැසිරීම් , වචන වලට ...අපේ හිත් ගොඩක් රිදෙනවා. ඉතිං ...පළවෙනිම දෙය ...ඔයා ගොඩක් mentally Strong කෙනෙක් වෙන්නේ ඕනේ. ඒ කියන්නේ ...තව පුද්ගලයෙක්ගේ හැසීරීමක්...වචනයක් ...ඔයාට බලපෑමක් නොවන තරමට.
👉 Toxic කෙනෙක්ට ...ඔයා මුළු හිතින්ම සමාව දෙන්න ...අනුකම්පා කරන්න . මොකද ...දන්නවද...
Toxic පුද්ගලයෝ...ඇත්තටම එයාලටත් නොතේරෙන විදිහට මානසිකව දුක්විඳින අය.
👉 මෙයාලා එක්ක කතා බහ කරනකොට ...මෙයාලා ගොඩක් කතා කරන්නේ ඍණාත්මක දේවල්...නිතරම අනෙක් අයගේ වැරදි ගැන කියනවා...බනීනවා..බොහෝ වේලාවට ..ඔයාට වුණොත්...මානසිකව වැටෙන විදිහටම විවේචනය කරනවා.
මේ වගේ වේලාවට ...අහගෙන ඉන්න උත්සාහ කරන්න . එවාට පිළිතුරු දෙන්නවත්...තරහින් කෑගහන්න එපා. හෙමිහිට මඟහැරලා එතනින් ඉවත් වෙන්න බලන්න . එයාලා කැමති අනිත් අය එයාලා කියන දේවල් අහනවට.
👉 Toxic කෙනෙක් ...මේ දේ කරන්නම කිව්වොත්...ඒ දෙය මොනතරම් ...වැරදි දෙයක් වුණත් එකපාර ප්‍රතිශේප කරන්න එපා. මුලින්ම ඒක පිළිගත්තා වගේ ඉන්න. පස්සේ වේලාවක ...
එයා හොඳින් ඉන්න වේලාවක් බලලා..කියන්න ,
" අපි මේක මේක විදිහට කරොත් හොඳයි නේද කියලා .."
එයාලා කැමති ...එයාලගේ තීරණ ...විධාන අනෙක් අය පිළිගන්නවට..ඒ හින්දා මුලින් ඒ විදිහට කරන්න .
👉 ඔයා කරන්න යන හැමදෙයම ...මෙයාලා විවේචනය කරනවා. ඒ හින්දා ...හොඳම දෙය , කරන්න කලින් කිසිම දෙයක් කියන්න එපා. කරන දෙය. හොඳට plan කරලා කියන්න .
එතකොටත් එයාලා වවේචනය කරනවා...ඒ වුණත් , එයාලා මොනවා කිව්වත්, තමන්ගේ මනසට බලපෑමක් නොවන විදිහට , තමන්, mental strong වෙන්න අවශ්‍යයි .
👉 Toxic පුද්ගලයා හරිම කැමතියි තමන් කැමති දේවල් ලැබෙනවට .ඒ හින්දා ...ඔයා මොනවා හෝ දෙයක් කරන්න කලින්, මෙයාලා කැමති ඇඳුමක්, කෑමක් ...වගේ ගෙනල්ලා දෙන්න.
මේ දෙයින් පුළුවන් ...එයාව පොඩි වේලාවකට , සතුටින් තියෙන්න...අර Toxic ගතිය ටික වේලාවකට මඟහරින්න .
👉 Toxic පුද්ගලයාව ...ඔයා වෙනස් කරන්න යන්න එපා. මේක කරන්න බැරි වැඩක්. එයාගේ toxic හැසිරීම් ඔයාට පිළිගන්නම වෙනවා.
👉 මෙයාලත් එක්ක කතා කරනකොට...ඔයාට කිසිම වේලාවක ඍණාත්මක දේවල් කත කරන්න එපා. ඔයා positive දේවල්ම කතා කරනකොට...කාලයක් යනකොට...එයාලා අනවශ්‍ය දේවල්..ඔයත් එක්ක කියන එක ගොඩක් අඩු වෙනවා.
👉 Toxic අය තමන්ගේම අයව විවේචනය කරනවා. තමන්ගේ අයගේ වැරදි ...අඩුපාඩු ...අනෙක් අයට කියනවා.
ඒ හින්දා...ඔයා ඔයාගේ වැරදි, අතපසුවීම් ,අසාර්ථකවීම් ..වගේ දේවල් මෙයාලට කියන්නේ නැති තරමට හොඳයි .
👉 මෙයාලව හොඳට analyse කරන්න . ඒ කියන්නේ ...දවසපුරාම මෙයාලා toxic විදිහට ඉන්නේ නැහැ . මෙයාලා calm down / relax එකේ ඉන්න වේලාවල් තියෙනවා .
මේ වගේ වේලාවල් වලට ...ඔයාට පුළුවන් ...ඔයාගේ යාහළුවන්ට invite කරන්න. party එකක් organize කරන්න වගේ දේවල්.....
🤗 මෙයාලත් එක්ක ජීවත් වෙනකොට ...ඔයාගේ මානසික සෞඛ්‍යය හරිම වැදගත් . ඒ හින්දා ...
👉 Love yourself . තව කෙනෙක් නිසා..ඔයා ඔයාගේ ජීවිතය ..පල්ලෙහාට ඇඳ දමාගන්න අවශ්‍ය නැහැ .
👉 හොඳ ආහාර වේලක් ගන්න.
👉 හොඳ නින්දක් ලබාගන්න
👉 දිනපතා exercises කරන්න.
👉 හොඳ positive අදහස් තියෙන අයව ඇසුරු කරන්න .
🤗 හොඳට මතක තියාගන්න .toxic හැම පුද්ගලයාම අපිට ජිවිතයෙන් ඈත් කරන්න බැහැ .
අමාරුවෙන් වුණත් ඇසුරු කරන්න වෙනවා. Mentally strong වීම තමයි මෙතන වැදගත්ම දෙය.
👉 මගේ ජිවිතයේ වැඩිපුරම ඉන්නේ...හම්බවෙලා තියෙන්නේ toxic පුද්ගලයෝ. මම ඒ කිසිම කෙනෙක් එක්ක තරහාවෙලා නැහැ .ගොඩක් අයව සමීපව ඇසුරු කරන්නේ නැතුව ...අවශ්‍ය දෙයට විතරක් ඇසුරු කරනවා.
එතකොට ළඟින්ම ඇසුරු කරන්න සිද්ධ වෙන අයව...එයාලගේ හැසිරීම පිලිගෙන ඉන්නවා . අද වෙනකම්, එයාලා නිසා මම කිසිම විදිහකින් හිත රිද්දගෙන නැහැ . මම කරන්න අවශ්‍ය දේවල්..ආස දේවල් මඟහැරගෙන නැහැ . හිතේ සතුට මොනම විදිහකින්වත් නැති කරගෙන නැහැ .
🤗 හොඳට මතක තියාගන්න ....අපිට තව කෙනෙක් වෙනස් කරගන්න බැරි වුණත්....තව කෙනෙක් ගේ හැසීරීමක් ...අපිට බලපෑමක් නොවන විදිහට ඉන්න පුළුවන් කියලා ..
( සමහර toxic පුද්ගලයින් කැමතියි ...එයාලගේ negative behaviors වෙනස් කරගන්න. එහෙම අය ඉන්නවා නම් , මනෝඋපදේශකයවරයෙක් ළඟට එයාලව අරන් යන්න. )
Copied from
Lakshi Soyza
Psychologycal counselor /Personality development trainer /Certified NLP practitioner
No comments:
Post a Comment