*Oneness!*
අපි ජීවත් වෙන්නේ duality එක play වෙන ලෝකයක. එහෛමත් නැතිනම් ද්වතාවය ක්‍රියාත්මක වන ලෝකයක.
ඒ කිව්වේ හොඳක් වුනොත් නරකක් වෙනවා... ආලෝකය තිබුනොත්, අඳුර එනවා... අඳුර ඒ වගේම ආපහු ඒකේ අනෙක් පැත්ත වෙනවා.
ඇයි මෙහෙම වෙන්නේ?
එහෙම වෙන්නේ මිනිස්සුන්ගේ සිතුවිලි එකම අරමුණක නොපවතින හින්දා. ඒ කියන්නේ යමෙක් සතුටින් හිටියොත්... යම් කාගලයකට පස්සේ, එයාට සතුට කියන සිතුවිල්ල එපා වෙනවා. එහෙම වුනාම එයා ඒ සතුටේ අනෙක් පැත්තට යන්න try කරනවා. ඒ වගේම දුකටත් එච්චරම තමා.
වෙන එකක් තියා කට්ටෙට පායලා තියෙද්දි දවසක් වැස්සොත් අපි වැස්සට බනිනවා නේද?
අන්න ඒ වගේ අපිට ඕනෑම දෙයක් ඇති වෙනවා... ඒ දේ ගැන මහන්සි හිතෙනවා... එපා වෙනවා...
ඔය ලොකු ලොකු බණ කියන අයයි... බණ තලන අයයි... අනිච්චතාව කියලා උගන්වන්න උත්සාහා කරන්නේ ඔන්න ඔය කියන සරල සිංහලේ.
නමුත් එයාලා ඒකට ගන්නේ මේ භෞතික ලෝකේ උදාහරණ. භෞතික ලෝකයේ නොපැවතීම්.
නමුත් ඒකෙන් මානසික තත්වය තේරුම්ගන්න මිනිස්සුන්ට බෑ.
ඉතිං මොකක් හරි විකාරයක් තේරුම් ගන්නවා!
යම් පුද්ගලයෙක් මෙන්න මේ කියන්නාවූ ද්වතාවය ගැන දකින්න පුලුවන් වුනොත්...
ඒ පුද්ගලයාට ද්වතාවයට හේතුවෙන අන්ත දෙකම දකින්න පුලුවන් වෙනවා.
අන්න ඒ් දැක්මට තමා අපි කියන්නේ පුද්ගලයෙක් balance mind එකට පත්වෙනවා කියලා.
එහෙම නැතිනම් ඔහුගේ හෝ ඇයගේ 6 වෙනි චක්‍රය අවධි වෙනවා කියලා...
මෙන්න මේ balance mind එකේ ඉන්න කෙනෙකුට ඔය කියන අන්ත දෙකෙන්ම වෙන්වෙලා... ඒ දෙකම දිහා සිහියෙන් බලාගෙන ජීවත් වෙන්න practice කරන්න පුලුවන්.
අන්න ඒ practice එක හොඳින්ම කරගත්ත කෙනෙකුට ද්වතාවය play වෙන විධිය බලාගෙන.. ඒ play එකට වෙන්න දීලා පාඩුවේ ජීවත් වෙන්න පුලුවන්.
අන්න එහෙම පුද්ගලයෙකුට තමා oneness වලට පත්වුන පුද්ගයෙක් විධියට හඳුන්වන්නේ...
මෙන්න මේ oneness තත්වය හින්දු ධර්මය තුළදි බ්‍රහ්මත්වය විධියටත්... බුද්ධ ධර්මය තුළදී බ්‍රහ්ම ලෝක විධියටත් හඳුන්වනවා.
Oneness තත්වයට පත්වුන කෙනෙක් ලෝකය නිසි ලෙස දැකලා එයින් මිදිලා යන්න උත්සාහා කරන්න හිතනවානං... ඔහු හෝ ඇය ඒ කියන්නා වු මීදීම... නික්මීම උදෙසා වූ මාර්ගය practice කරන්න පටන් ගන්න ඕන...
බුද්ධ ධර්මයේ ලියලා (ආයෙත් කියනවා ලියලා) තියෙන විධියට ඒ නික්මීමේ මාර්ගයේ පලමු step එක තමා සෝවාන් තත්වය.
දැන් ඔයාලට තේරුම් යනවා ඇති oneness වලට උඩින් තමා සෝවාන් තත්වය තියෙන්නේ කියලා...
හිතනවා යම් ආකාරයක පැහැදිලි වීමක් ලැබෙන්න ඇති කියලා.
ගැටලු තියෙනවානං අහන්න. තේරුම්ගෙන තියෙන විධියට උත්තර දෙන්නම්! 🙏
තව දෙයක් මතකයේ තියාගන්න...
මේ ලියලා තියෙන්නේ මම තේරුම්ගත්ත ආකාරයයි කියන දේ. සමහර විට යම් යම් අඩුපාඩු තියෙන්න පුලුවන්.
ඒවගේ අඩුපාඩු තිබුනොත් ඉදිරියේදි අපි සාකච්ඡා කරමු! 🙏
පොඩි add එකකුත් දාන්න හිතුනා...
ඔය oneness වලට හරියටම පහලින් තමා කෙම්බිම තියෙන්නේ! 🙏🤣
ඒ හින්දා...
කෙම්බිම සොයා...
... යමු අපි!
No comments:
Post a Comment