Thursday, October 19, 2023

 ආයුබෝවන් ඊයේ රෑ බොහොම හරබර කථාවක් යනවා දැක්කා...


මාත් ටිකක් වෙලා බලාගෙන හිටියා... ලස්සනට progress වෙවි තිබුන හින්දා මාත් inturupt කරන්න ගියේ නෑ...


බොහොම සංතෝසයි! 


කෙම්බිමේ වෙන්න ඕනත් ඒ දේ...


මොකද බුද්ධිය කැලැම්බෙන තරමට තමා ප්‍රඥ්ඥාව ඔබ මට්ටම් වෙන්නේ...


මම ඒ chat එක කියවන්නම් අද දවසේ... Feedback එකක් දියයුතු තැනක් තිබුනොත් දාන්නම්!


ඒ කථා බහට, පොඩි කාරණාවක් නම්  එකතු කරන්නම ඕන කියලා හිතුවා...


කථාව ඇදිලා ගියේ යුද්ධය සහ depopulation එක ගැන...


එතැනදි ඔයාලා හැම කෙනෙක්ම point කලේ භෞතිකමය කාරණාවලට. නැතිනම් වැඩි වශයෙන් focus කලේ නැතිවන මිනිස් ශරීර count එක ගැන...

ඇත්තටම ගත්තොත් ඒක නොගිනිය හැකි තරම් කුඩා සාධකයක්...


එයාලා හැමවිටම මරන්නේ අපේ හිත්!


Depopulate කරන්නේ පැහැදිලි... නිවහල්... සිතුවිලි සහිත මිනිස් හිත්!


ප්‍රශ්නය:-

යුද්ධ හරහා depopulate කිරීම සහ මනසින් depopulate කිරීම පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද?


හදිසියේ ලියාගෙන ආව එක නවත්තන්න සිද්ධ වුනා... ශමිරට උත්තර දෙන ගමන්ම ඒ ටිකත් ලියන්නම්...


ඒක එච්චර complex නෑ bro... මම ගැන උදාහරණයකින්ම කියන්නම්...


88/89 කියන්නේ මම ගොඩක් පොඩියි. හැබැයි ජීවත් වුනේ භීෂණය කියන එකේ කට උඩ. ලොකු ලොකු ප්‍රශ්න වලට මම හෝ පවුලේ අය මූණ නොදුන්නත්, ඒ කාලේ සමහර ⁣සිදුවීම් සම්බන්ධයෙන් තියෙන impact එක තාමත් මට තදින් දැනෙනවා වෙලාවල් තියෙනවා.


(මම විතරක් නෙමෙයි ඔයා දැන් ජීවත් වෙන්නේත් ඒ වගේම භිෂණය තිබුන බිම් කඩක)


හිතන්න මට එහෙම නං... යුද්ධයක් වගේ එකකට directly face කරන පුද්ගලයෙකුගේ මනෝ භාවය කොහොම down ඇද්ද?


මනසින් down මිනිස්සු පිරිසක් කියන්නේ පාලනය ඉතාම පහසු පිරිසක්...


එච්චර එපා... අද ලංකාවේ තරුණ පිරිසි අති මහත් බහුතරයක්... ආයෙත් කියනවා අති මහත් බහුතරයක්... ඉන්නේ ඉච්ඡාභංගත්වයට පත්වෙලා නේද?


කෙහොමද ඒක කලේ?


ඒකට තමා ගෝටා මහත්තයා අරගලේ introduce කරලා දුන්නේ එයාලට!

යුද්ධ, කළ කොලාහල, අරගල... කියන්නේ මිනිස්සු බොහාම ලේසියෙන් පාලනය කරන්න පුලුවන් දිගු කාලීන ආයෝජන. සමහර මිනිස්සුන්ගේ ජීවිත කාලෙටම කල impacts...

තුන්වෙනි ලෝකය කියන රටවල් වල ඒ වගේ කටුක ක්‍රම පාවිච්චි කරලා මිනිස්සු පාලනය කරද්දි... දියුණුයි කියන රටවල් වල මිනිස්සුන්ගේ ජීවිතයේ සුවපහසුව වැඩි කරලා... උන්ට හිතන්න බැරි කරවලා... උන්ව පාලනය කරනවා!

2 ways... but 1 ultimate result!


*කෙම්බිම සොයා...* යන අය විදිහට ඔයාලා හැම කෙනෙක්ම... 


සිද්ධවෙන හැම සිදුවීකම physical resut එකට වඩා, ඒවායේ තියෙන මානසික effect එක ගැන අධ්‍යයනය කරන්න හුරු වෙන්න...


එහෙම දකින කෙනාට කෙම්බිම බොහෝ දුර නොවේ 🙏


ඉලුමිනාටිලා ගැන... මේසන්වරු ගැන....කථා කරන... එයාලාගේ symbolism decode කරන... ඒ සම්බන්ධයෙන් social media වල කථා කරන... බොහෝ දෙනෙකු⁣⁣ (අපි එයාලට Whistle Blowers ලා කියමු) කියන කථා නිකං අරාබි නිසොල්ලාසයේ කථා වගේ වෙන්න හේතුවත් මෙන්න මේ කාරණාවම තමා.


එයාලා අපේ මනසට සිද්ධ කරන විපර්යාසයට සාපේක්ෂව පොඩි පොඩි incidents, physically  කරලා පෙන්වනවා.... එතකොට තමා මිනිස්සු ඒ දේ විස්වාසයට ගන්නේ...


ඒ physical දේ අහුලාගන්න... අර මම  උඩින් කිව්ව Whistle Blowersලා අපිට කියනවා... අපි බය වෙනවා... එයාලාගේ වැඩේ ඕනෑවටත් වඩා හොඳට වෙනවා.


දැන්වත් තේරෙනවාද අර ජෝකර් සිල්වා... අශ්කේරු... වගේ අය, මනුස්ස සංතානයට කොපමණ හානියක් කරනවාද කියලා?


මේ දවස්වල ලොකුවටම  කථා කරන දෙයක් නේ *Zombie* කියන topic එක...


ඇත්තටම සොම්බිලා ඉන්නවාද?

ඉන්නවා!

කොහෙද??

මේ video එක බලන්න... උත්තරේ ලැබෙයි 👇

https://youtu.be/8sM-rm4lFZg?si=Omftx9vpfHNnpogo


Video එක තේරුනත්... නැතත්... ඒකේ තියෙන වචන කීපයක් හරි තේරෙයි ඔයාලට... ඒ ගැන කල්පනා කරලා බලන්න අපි කොච්චර manipulation එකක⁣ද මේ අතරමං වෙලා ඉන්නේ කියලා...

Sepali:-

මනසින් කඩා වැටුනොත් යථාතත්වෙට පත්වෙන්න හරිම අමාරුයි....භෞතික දේවල් නැතිවුනාට මනසින් ශක්තිමත් නම් විශ්වය හරිම ඉක්මනට අපිව තිබුණ තත්වයටත් වඩා ඉහලින් තියනවාමයි.....ඒක ස්ථිරයි. හැබැයි අපි විදව විදව හිටියොත් අන්තෙටම වැටෙනවා මිසක් ගොඩ යාමක් නැහැ....









Tuesday, August 15, 2023

ඇත්තටම ඇයි ලංකාවට මෙහෙම වෙලා තියෙන්නේ?

 පහුගිය දවසක, සංජීවනී අක්කා ඔයාලාගෙන් ප්‍රශ්නයක් අහලා තිබුනා.


ඒ ප්‍රශ්නය මතක් කලොත්...


//ලංකාවේ අපි පොදුවේ බැලුවොත් බටහිර මැදපෙරදිග රටවලට වඩා ආර්ථිකමය වශයෙනුත් ජීවන මේ වශයෙන් දැඩි පහත තත්ත්වයක් තුළ ජීවත් වන්නේ. ලංකාවෙ මිනිස්සු හිතනවා එයාලා තමයි මේ ලෝකේ ඉන්න පිංවන්ත මිනිසුන් කියලා. ඒකයි පවතින යථා ස්වභාවයට නොගැලපෙන නිසා අදහස් විමසන්න හිතුවේ.//


ඒ ගැන කථා කරන්න කලින් අපි දැනගන්න ඕන කාරණා කීපයක් තියෙනවා. සමහර කාරණාා ගැන කෙම්බිමේ කලිනුත් සාකච්ඡා වෙලා තියෙනවා... ඒ හින්දා කෙටියෙන් ලියන්නම්!


ප්‍රධාන වශයෙන්ම මේ ලෝකේ පවතින්නේ මොකක් මතද?


ලෝකය පවතින්නේ මිනිස් සිතේ ස්වභාවය මත. ලෝකය ඇතිවෙන්නේත්... පවතින්නේත්... නැතිවන්නේත් මිනිස් සිතුවිලි වල ස්වභාවය මත. ටිකක් හරි වැඩියෙන් දන්න බුද්ධ ධර්මයෙන් ඒ ගැන කිව්වොත්... අග්ගඥ්ඥ සහ සප්ත සූර්යෝද්ගමන සූත්‍ර දෙකේ පැහැදිලිවම කියවෙනවා ලෝකයේ හටගැන්ම, පැවැත්ම සහ විනාශය සිද්ධ වෙන්නේ මිනිස්සුන්ගේ තෘෂ්ණා සාධකය මත කියලා. තෘෂ්ණාව කියන්නේ සරලවම ගත්තොත් සිතුවිල්ලක්.


එක් එක් මිනිසාගේ සිතුවිලි එකතු වෙලා හැදෙනවා සාමුහික සිතුවිල්ලක්. එහෙමත් නැතිනම් ඒකට කියනවා සාමුහික විඥ්ඥානය කියලා. ඒකටම කියනවා සමුච්චිත විඥ්ඥානය, සාමුහික සංතානය, සමුච්චිත සංතානය වගේ වචනත් පාවිච්චි කරනවා. ඉංග්‍රීසියෙන් ඒකට කියනවා Collective Consciousness කියලා...


Collective Consciousness ගැන දන්න කෙනෙකුට අර මම මුලින් කිව්ව වාක්‍යය වඩාත් තේරුම් සහිතව කියන්න පුලුවන්...  


මේ ලෝකය පවතින්නේ මිනිස්සුන්ගේ සාමුහික සංතානය මත කියලා.


ලෝකය පවතින්නේ එහෙම නං... ඒ ලෝකයේ ඇති රටවල් පවතින්නේත්, ඒ ඒ රටවල ඉන්න මිනිස්සුන්ගේ සාමුහික සංතානය මත කියන එක ඔයාලාට තේරුම් ගන්න පුලුවන් වෙයි කියලා හිතනවා.


උදේ ඉඳන් රෑ වෙනකං... ඊට පස්සේ ආපහු උදේ වෙනකං... මිනිස්සු නිකං ගිරව් වගේ තමන්ගේ රට ගැන කටින් කයිවාරු ගැහැව්වාත්... ඒ රට ගැන වංසේ කබල් ගෑවත්... ඒ මිනිස්සුන්ගේ හිත ඇතුලේ තියෙන්නේ පහත් හැඟීම් නම්... උදාර හැඟීම් බෙහෙතකටවත් හිත ඇතුලේ නැතිනම්... කිසි විටෙක ඒ රටට උඩට එන්න පුලුවන්කමක් ඇත්තේ නෑ. මොකද ඒ පහත් හැඟීම් වලින් ඇතිකරන්නා වූ සමුච්චිත සංතානය... ඒ සමූහ සංතානය නිසා ඇති වන්නා වූ frequency එක, එහෙමත් නැතිනම් Vibe එක, කිසිසේත් ඒ රටේ උන්නතිය පිණිස නම් පිහිටන්නේම නෑ.


ඒ හින්දා මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ ඇයි කියන එකට තියෙන්නේ අහස පොලොව ගැටලන්න තරම් ලොකු උත්තරයක් නෙමෙයි. තියෙන්නේ ඉතාම සරලම සරල වචන කීපයක්!


#ilankaLK

Thursday, August 10, 2023

 අද කාලේ පිරිමි බව නිල් පැහැයෙනුත්... ගැහැණු බව රෝස පැහැයෙනුත්... පෙන්වන බව හැමෝම දන්න කාරණාවක් නේද?

හැබැයි ඒ ගැන නොදන්න කාරණාවක් කියන්නද?


හරි!


ඒ නොදන්න කථාව තමා... ඈත අතීතයේදි ඔය පාට දෙක පාවිච්චි කලේ අනෙක් පැත්තට!


ඒ කියන්නේ ගැහැණු බව නිල් පාටෙනුත්... පිරිමි බව රෝස පාටෙනුත්... විධියට.


රෝස පාටේ තද පැහැය රතු කියලාත් දන්නවානේ!

සමහර විට ඔයාලා අහලා ඇති... පිරිමින් අඟහරු ලෝකෙනුත්, ගැහැණුන් බුධ ලෝකෙනුත් පෘථිවියට පැමිණිලා එකතු වීමෙන් ලෝකයේ ජීවය ඇතිවුනා කියලා කථාවක් තියෙනවා කියලා

බුද = Venus!

අඟහරු = Mars


අදටත් බුද ග්‍රහයා හඳුන්වන symbol එකම තමා ගැහැණු බව පෙන්වන්න භාවිතා කරන්නේ...



ඒ වගේම තමා...


අඟහරු ග්‍රහයා හඳුන්වන symbol එකම තමා පිරිමි බව පෙන්වන්න භාවිතා කරන්නේත්...













Tuesday, August 8, 2023

නිකොලා ටෙස්ලා

 තුන හය නමය යන ඉලක්කම් වල වැදගත්කම ඔබ දැන සිටියේ නම් මුලු විශ්වයේම යතුර ඔබ අතේ.


                       නිකොලා ටෙස්ලා..


අංක 1 ඔයා මේ ලිපිය අන්තිම වෙනකම්ම කියවන්න කිසිම තැනකදි  skip කරන්න හිතන්නවත් එපා.උඩින් පල්ලෙන් කියවන්නත් එපා.මොකද එහෙම වුනොත් 369 ටෙස්ලා ආකර්ෂණ ආකර්ශන නීතිය ගැන ඔයාට හරිහමන් අවබෝධයක් ලබා ගන්න බැරි වෙනවා. එහෙම වුනොත් මේ ක්‍රමයෙන් සාර්ථක ප්‍රථිඵලයක් ලබා ගන්න බෑ.ඒ වගේම ඔයාට ඕනෙ කරන හොඳම ටික තියෙන්නෙ ලිපියේ අන්තිමට.මුලා ටික කියෙව්වොත් විතරයි ඔයාට අග ටිකත් හරියටම පැහැදිලි වෙන්නේ.


හරි මොකක්ද මේ 369 ටෙස්ලා method එක කියල කියන්නේ ගොඩක් දෙනෙක් නම අහල තිබුනට මේ ගැන හරියටම දන්න අය ගොඩක් අඩුයි අපේ ජීවිතයට අපිට ඕනි දේවල් ලබාගන්න අපිට එදිනෙදා පාවිච්චි කරන්න පුළුවන් අතිසාර්ථක ආකර්ෂණ ක්‍රමවේදයක් මේක .


ඔක්කොටම කලින් අපි බලමු කවුද මේ පුදුම සහගත ක්‍රමය ලෝකය වෙනුවෙන් සොයාගත්තේ එයා මොන වගේ කෙනෙක්ද කියන එක .


ඒ සුවිශේෂී මිනිසාගේ නම මේ වෙද්දිත් ඔයාලා දන්නවා එයා තමයි නිකොලා ටෙස්ලා .ටෙස්ලා ඉපදෙන්නේ 1856 ජූලි 10 වෙනිදා.සුවිශේෂීම කරුණ තමයි  ටෙස්ලා ඉපදෙන්නෙ දරුණු අකුණු ගහපු මධ්‍යම රාත්‍රියක .ඒ නිසාම ටෙස්ලට අපි කියනවා විදුලියෙන් උපන් දරුවා කියලා .පුදුම සහගත් දේ තමයි මේ අකුණු ගහන මධ්‍යම රාත්‍රියේ විදුලියෙන් උපන් දරුවා තමයි පසු කාලයේදී ප්‍රත්‍යාවර්ත ධාරාවේ පියා වෙන්නේ. 


මොහු තමයි විද්‍යුතය හා සම්බන්ද බොහෝ නව නිර්මාණ ලෝකයට බිහි කරන්නේ.සරලවම කියනවා නම්  ඔයා මම මේ පාවිච්චි කරන දුරකථනය මෙහෙම අතේ තියාගෙන ඒකෙන් ලෝකය හා සම්බන්ධ වෙන්නේ ටෙස්ලා නිසා .තවත් විදියකින් කිව්වොත් අද ලෝකයේ පාවිච්චි වෙන දේවල් වලින් 80% ක්ම හොයාගත්තේ ටෙස්ලා. ඔයා දන්නවා අන්තර්ජාල තාක්ෂණය ලෝකයට බිහි වෙලා තවම අවුරුදු තිහක් වත් නෑ .හැබැයි ටෙස්ලා රැහැන් රහිත  අන්තර්ජාල තාක්ෂණය ගැන ලෝකයට මත පළ කළේ 1901 දි  තරම් ඈත කාලයක දී .


මිනිසුන් මෙයාට කිවුවේ  පිස්සු විද්‍යාඥයා කියලා .ඒකට හේතුව තමයි ඔහු අකුණු සහ විද්යුතය ආශ්‍රිතව බොහෝ පර්යේෂණ සිදු කිරීම .ඒ වගේම මොහු මැජික් බලයක් සහිත සුවිශේෂී පුද්ගලයෙක් කියලා කියලා  මිනිස්සු අතර යම්කිසි විශ්වාසයක් තිබුණා .බොහෝ දුරට ඒක ඇත්තක් වෙන්නත් පුළුවන් මොකද මේකට හේතුව ටෙස්ලා කියන්නේ විශ්වයෙන් ගන්න පුළුවන් හැම වැඩක්ම ගත්ත මිනිහෙක්.ඔහු විශ්වයෙන් ලැබෙන අසීමිත ශක්තිය ඉතාමත් ප්‍රයෝජනවත් විදියට  පාවිච්චි කරා .


  ටෙස්ලා කවදාවත් විවාහ වුණේ නෑ ඒකට හේතුව තමයි විවාහය ඔහුගේ පර්යේෂණ වලට බාධාවක් වෙයි කියලා  හිතපු නිසා. ඒ වගේම තමයි ලිංගික හැසිරීම්වලින් බුද්ධි මට්ටම අඩුවෙනවා කියලත් ටෙස්ලා විශ්වාස කරා.


 ටෙස්ලා  දවසකට නිදාගත්තේ පැය තුනයි.පැය අසූ හතරක් විතර එක දිගට ඇහැරගෙන  ඔහු ඔහුගේ පර්යේෂණ වල නිරත උනා  කියලා වාර්තා වල සදහන් වෙනවා.ටෙස්ලාට අසාමාන්‍ය මතක ශක්තියක් තිබිලා තියනවා. ඒ වගේම පිරිසිදුකම ගැන අසාමාන්‍ය ලෙස ඔහු සැලකිලිමත් වෙලා තියෙනවා .හොඳම උදාහරණය තමයි නැප්කින් 18 කින් ඔහු කෑම මේසයේ තිබුණ ආහාර බඳුන් වෙන වෙනම පිසදමලා තියෙනවා.


tesla කියලා කියන්නේ නව නිපැයුම්කරුවෙක් යාන්ත්‍රික ඉංජිනේරුවෙක් සහ අනාගත වේදියෙක් .ඔහු කාලය හරහා ගමන් කරා කියලත් සමහරු පවසනවා.නමුත් එහි සත්‍ය අසත්‍ය තාවය පිලිබඳ ව නිශ්චිතවම කියන්න බෑ .මම උඩින් කිව්වනේ ඔයාලට අපි පාවිච්චි කරන දේවල් වලින් සියයට අසූවක් විතර හොයාගත්තේ ටෙස්ලා.


අපි නිකමට බලමු ඒ මොනාද කියලා එතකොට ඔයාලට තේරෙයි tesla කියන්නේ විශ්වයෙන් හරියටම වැඩ ගත්ත පුද්ගලයා කියලා.ඒ වගේම ඔහුගේ මේ ක්‍රමය අපිට කීයටවත් බැහැර කරන්න බෑ කියලා.


දුරස්ථ පාලකය.සරලවම කිව්වොත් ඔයා පුටුවෙ වාඩි වෙලා  ටීවී එක පාලනය කරන රිමෝට් එක .මේක හොයාගත්තේ ටෙස්ලා.ඒ වගේම රැහැන් රහිත සන්නිවේදනය .ටර්බයිනය , x කිරණ  නියෝන් light tube light . ඒසී මෝටරය .අපි ගෙදර පාවිච්චි කරන බ්ලෙන්ඩරේ ඉදන් කර්මාන්තශාලාවල පාවිච්චි කරන දැවැන්ත යන්ත්‍ර දක්වා පාවිච්චි කරන්නේ මේ ටෙස්ලා හොයාගත්ත ඒසී මෝටරය .


ඒ වගේම  අභ්‍යවකාශයෙන් එන ගුවන් විදුලි තරංග මුලින්ම රෙකෝඩ්  කරපු ලොව පළවෙනි පුද්ගලයාට ටෙස්ලා. ඒ විතරක් නෙමෙයි භූමිකම්පා නිපදවන්න පුළුවන් යන්ත්‍රයේ නිර්මාණකරු ටෙස්ලා.ඔහු මේ භූමිකම්පා පිළිබඳ පර්යේෂණ කරද්දී ඒ කම්පනය මුලු නිව්යෝර්ක් නගරයට ම  දැනුන  බව  සඳහන් වෙනවා.තවද මේ තාක්ෂණයෙන් ලෝකේ කාලගුණය පාලනය කළ හැකි අතර එය ලෝකේ භයානකම ආයුධය විදියට සැළකෙනවා. 


පෘථිවියේ අනුනාද සංඛ්‍යාව හොයාගත්තේ ටෙස්ලා. වැදගත්ම කරුණ තමයි tesla හොයාගත්ත මේ අනුනාද සංඛ්‍යාව ඇත්ත කියල හොයාගන්න විද්‍යාඥයන්ට  තවත් අවුරුදු 50ක් ගත වුණා

 බෝල අකුණු  නිර්මාණය ගැන විද්‍යාඥයන්ට අදටත් හරියටම හොයාගන්න බෑ .හැබැයි ටෙස්ලා  බෝල අකුණු  නිර්මාණය කලා කියල සඳහන් වෙනවා.


ඒ වගේම ටෙස්ලාගේ සමහර සොයාගැනීම් වලට පේටන්ට් බලපත්‍ර ලබා නොදී ඒ දැනුම රහසිගත කරා ඒකට හේතුව තමයි ඒ දැනුම වැරදි පුද්ගලයන් අතට ගියොත් එහෙම සමාජයට ඉතා විශාල අහිතකර බලපෑම් ඇතිවෙන්න පුළුවන් නිසා.


ලෝකයට ටෙස්ලා තරම් සුවිශේෂී මෙහෙවරක් ඉටුකරපු  විද්‍යාඥයෙක්  තවත් ඇති කියලා කියලා මම නම් හිතන්නේ නැහැ .ටෙස්ලා විශ්වයෙන් ලැබෙන අසීමිත ශක්තිය නියම විදියට පාවිච්චි කරන ක්‍රමය හොයා ගත්තා .


මේ අසහාය  මිනිසා වර්ෂ 1943 දී නිව්යෝක්හි වල හෝටල් කාමරයක් තුලදී මිය යනවා.ඒ වගේම ඔහුගේ සියලුම පර්යේෂණ කෘති ලිපිගොනු නිබන්ධන ඇමරිකානු ආණ්ඩුව විසින් තමන් භාරයට ගන්නවා.ඒකට හේතුව තමයි දෙවැනි ලෝක යුද්ධය ඒ වෙද්දිත් දරුණුවටම පැවැති කාලයක්.බැරිවෙලා හරි මේ සුවිශේෂී දැනුම සතුරා අතට ගියොත් එහෙම ඒකෙන් ලෝකයට අත්වෙන විනාශය ඇමරිකානු ආණ්ඩුව තේරුම් ගත්තා.


ඔයාලට මේ දේවල් වලින්ම තේරෙනවා ඇති ටෙස්ලාගේ 369 ක්‍රමය අපිට කීයටවත් බැහැර කරන්න බෑ කියලා.


හරි දැන් අපි බලමු මොකක්ද මේ 369 ක්‍රමය.අපිට ඕනේ දේවල් ආකර්ෂණය කරගන්න අපි මේක පාවිච්චි කරන්න ඕනි කොහොමද ?


නිකොලා ටෙස්ලා එක වෙලාවකදි කියනවා තුන හය නමය යන අංක වල විශාල වැදගත්කම ඔබ දැන සිටියේ නම් මුළු විශ්වයේම යතුර ඔබ අතේ කියලා .


නිකොලා ගේ ජීවිතයේ බොහෝ දේවල් වලට ඔහු තුන හය නමය කියන ඉලක්කම් තුන සම්බන්ධ කරගත්තා.නිකොලා ටෙස්ලා ගොඩනැගිල්ලකට ඇතුල් වීමට පෙර පවා ඒ වටා තුන් පාරක් ඇවිද්දා.ඔහු තුවා 18 කින් ඔහුගේ පිගන් පිරිසිදු කරා.හෝටල් කාමර වල පවා ජීවත් උනේ තුනෙන් බෙදිය හැකි අංක සහිත හෝටල් වල විතරයි.ඔහු තුන හය නවය කියන අංක සම්බන්ද කරන් පෘථිවිය වටා ඇති නෝඩල් ලකුණු පවා ගණනය කරා.ඔහු ජීවත් වූ පරිසරයේ ඇති දේවල් පිළිබඳව ගණනය කිරීම් කල අතර ඒ හැම ගණනයකින්ම ලද අවසන් ප්‍රථිඵලය තුනේ ගුණාකාරයක් උනා..


දැන් අපි බලමු මේ දේවල් ඇත්තද කියලා


උදාහරණයක් විදියට 


විනාඩියට තත්පර 60 යි.එහි එකතුව බලන්න= 6+0= 6


පැයකට තත්පර 3600 යි.එහි එකතුව බලන්න = 3+6+0+0 =9


දවසකට පැය 24 යි.එහි එකතුව බලන්න.=2+4= 6 


අවුරුද්දකට පැය ගාන බලමු


දින 365 × පැය 24 =8760 = 8+7+6+0=21 = 2+1=3


මේ සියලු ගණනය කිරීම් වලින් ලැබෙන ප්‍රථිඵල එක්කෝ තුන නැත්තම් 6 නැත්තම් 9.


ටෙස්ලා කියනවා 1,2 සහ 4 කියන ඉලක්කම් පාලනය කරන්නේ තුනේ ඉලක්කමෙනුත් 5,7,8 කියන ඉලක්කම් පාලනය කරන්නේ 6 කියන ඉලක්කමෙනුත් 3 සහ 6 කියන ඉලක්කම් භාවිතා කරන්නේ 9 ඉලක්කමෙනුත් කියලා.


අපි දැන් බලමු ටෙස්ලාගේ  3 6 9 කේතය කොහොමද ආකර්ෂණ නීතියේ දී භාවිතා කරන්න කියලා 


01.මුලින් ඔයාට ඕනි දේ තෝර ගන්න.ඒක ඉතාම  පැහැදිලි ඉලක්කයක් වෙන්න ඕනි


02.දැනටමත් ඒ ඉලක්කය සිද්ද උන වර්තමාන වාක්‍යයක් විදියට සකසා ගන්න.එය ප්‍රබල වැකියක් විය යුතුයි.එමෙන්ම ධනාත්මක විය යුතුයි.


03.වැදගත්ම දේ ඔයා හදා ගත්ත  වාක්‍ය අවම ලෙස තත්පර 17 ක්වත් දිග වෙන්න ඕනි


04.ඒ වගේම එම වාක්‍ය තුල අවම තත්පර 17 ක් ඔබේ අවධානය රදවා ගන්න.


05.මේ දැනුත් එය ඉටු වී ඇති බව සිතෙන් පැහැදිලිව මෙනෙහි කරමින් චිත්ත රූප මවන්න.ඒ හැගීම සතුට මෙනෙහි කරන්න


06.දැන් ඔයා උදෑසන අවදි උන ගමන් ඒ වාක්‍ය තුන් පාරක් ලියන්න.මෙහිදී ඔබ අනිවාර්යයෙන් ඔබට ලැබුන දේ ගැන ස්තූතිවන්ත වෙන ගමන් ලිවිය යුතුයි.


උදාහරණයක් විදියට මාව විභාගය උසස් ලෙස සමත් කරවීම පිලිබඳව මම ස්තූතිවන්ත වෙමි.


07.එමෙන්ම දහවල් කාලයේදී හය වතාවක්ද රෑට නින්දට යාමට පෙර නම වතාවක්ද මෙය ලියන්න.


08.මෙලෙස දින 21 ක් හෝ (2+1=3) දින 33 ක් හෝ (3+3=6)  දින 45 ක් (4+5 = 9) ලිවිය යුතුයි.


ඔයාගේ ප්‍රථිඵලය ඔයාට මේ අතරතුර හෝ කිසියම් දිනක ලැබෙන්න පුලුවන්.වැදගත්ම දේ අනේ මට ලැබුනේ නෑ කියලා හිතනන් එපා.ඔයා ඒ දේ විශ්වයට මුදා හැරලා නිදහස් වෙන්න.ආයේ ඒ ගැන හිතන්න යන්න එපා.ඔයාට අවශ්‍ය වෙලාවට විශ්වය ඔයාට ඒ දේ දෙයි.


ඒ වගේම කරුණාකරලා කතෲ අයිතිය සුරකින්න.අවශ්‍ය කරුනු එකතු කරන් පැය ගානක මහන්සියක් දරලා ලියපු ලිපියක් මේ.ඔබ විශ්වයට වපුරන දේ පමණක් ඔබට ලැබෙන බව විතරක් මතක තබා ගන්න.හොද නම් හොද නරක නම් නරක.ඔයාට මේක ශෙයා කරන්න ඕනි නම් ශෙයා කරන්න.කිසිම ප්‍රශ්නයක් නෑ.නමුත් කතෲ අයිතිය සුරකින්න.එය කාරුණික ඉල්ලීමක්.ඔයාල හැමෝටම ස්තූතිවන්ත වෙනවා.ජය.


උපුටාගැනීමකි. ( සුදර්ශී හේවගේ)

ඉංග්‍රීසි හෝඩියේ අකුරු 26

 ඉංග්‍රීසි හෝඩියේ අකුරු 26,


A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z


ඒ අකුරු 26 පහල තියෙන ඉලක්කම්වලට සමාන වෙනවා නම්,


1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26


එය මෙසේ ද ලිවිය හැකිය.


A =1, B =2, C =3, D =4, E =5, F =6, G =7, H =8, I =9, J =10, K =11, L =12,  M =13, N =14, O =15, P =16,  Q =17,  R =18, S =19, T =20,  U =21, V =22, W =23, X =24, Y =25, Z =26.


දැන් අප මෙසේ බලමු.


කැපවීම....?🎯

HARDWORK

H+A+R+D+W+O+R+K

8+1+18+4+23+15+18+11

98%


දැනුම....?💡

KNOWLEDGE 

K+N+O+W+L+E+D+G+E

11+14+15+23+12+5+4+7+5

96%


ආදරය.....?❤️

LOVE 

L+O+V+E

12+15+22+5

54%


වාසනාව......?🎰

LUCK 

L+U+C+K

12+21+3+11

47%


කිසිවක් 100% සම්පූර්ණ නොමැත.


එසේනම්,

100% සම්පූර්ණ වන්නේ කුමක්ද?


මුදල්.....?💵

MONEY 

M+O+N+E+Y

13+15+14+5+25

72%


නායකත්වය....?👑

LEADERSHIP 

L+E+A+D+E+R+S+H+I+P

12+5+1+4+5+18+19+8+9+16

97%


නැත මේ කිසිවක් නොවෙයි....


නමුත් සෑම ප්‍රශ්නයකටම විසඳුමක් ඇත.

අපිට වෙනස් කරගත හැකි නම්,


ආකල්ප...?🤔

ATTITUDE...

A+T+T+I+T+U+D+E

1+20+20+9+20+21+4+5

100%


සහ


විනය...?🧑‍🎨

DISCIPLINE 

D+I+S+C+I+P+L+I+N+E

4+9+19+3+9+16+12+9+14+5

100%


ජීවිතය පිලිබඳව ඔබගේ පවතින ආකල්ප සහ විනය 100%ක් ම ඔබගේ ජීවිතය වෙනස් කරනු ඇත...


ජීවිතයට ධනාත්මක සිතුවිල්ලක් ලබාගන්න...🏆🥇🎯

Sunday, August 6, 2023

3D, 4D සහ 5D

 *3D, 4D සහ 5D*


සරලව මෙතැන තියෙන්නේ භෞතික දෙයකකට වඩා මානසික මට්ටමේ සිදුවන වෙනස්කමක්...


පහතින් දාලා තියෙන සරල පැහැදිලි කිරීමෙන් ඒ ගැන යම් අවබෝධයක් ලබා ගන්න පුලුවන් වෙයි කියලා හිතනවා...


*3D World*


දැන් ජීවත් වෙන ලෝකය.

- අපගේ ක්‍රියාවන් බොහෝ දුරට මෙහෙයවනු ලබන්නේ බිය, හිඟකම, පැවැත්ම, ලිංගිකත්වය, පෞරුෂය, තරඟකාරිත්වය සහ ඊර්ෂ්‍යාව මගිනි.

-නැති දේ ගැන කණස්සල්ලට පත්වෙයි

- ආධ්‍යාත්මිකත්වය නොසලකා හරිමින් ආගමික මූළධර්ම වල හිරවී සිටිති

- හැම දෙයක් කෙරෙහි කලු සුදු (හරි වැරදි / හොඳ නරක) ලෙසින් දැක්මක් පවත්වා ගනී

- විශ්වීය බල කෙරෙහි පවතින්නේ අල්ප දැනුමකි.

- ඉතාමත් බොළඳ / ලාමක ගණයේ සිදූවීම් නිසා, (සමහර විට ටෙලි නාට්‍යයක් ඇති සිදූවීමක් නිසා) ගැටුම් වලට හසු ව ඉතා පහසුවෙන් වේදනාකාරී තත්වයන් නිර්මාණය කර ගනී.

- අප අවට ඇති විශාල පිංතූරය නොදකී.


*4D World*


පවතින අභියෝග හා අර්බුධ හමුවේ අපගේ මානසික මට්ටම 4D මට්ටමට ගමන් කරයි.

- අපි මිනිස් සිරුරේ අත්දැකීමක් ඇති සවිඥානක ජීවියෙකු බව අපට වැටහෙන්නට පටන් ගනී.

- භෞතිකව 3D තුළ ජීවත් වන අතර එහි ඇති සියල්ල පිළිබඳව දැනුවත්ව සහ වැඩ කරමින් ඔබ ආදරය, බෙදාගැනීම, සේවය, දයාව, ආත්මයේ සහ මනසෙහි බලය සහ හැකියාව කෙරෙහි අවධානය යොමු කරයි


*5D World*


- අපට සැබවින්ම සියලු ජීවීන් කෙරෙහි ගැඹුරු අනුකම්පාවක් ඇත. එබැවින් නිර්මාංශික ලෝකයකි.

- මෙම තත්වයේදි මෙහිදී අපට 3D ලෝකයේ බොහෝ දේ නොපෙනී හෝ නොහැඟී යයි. 

- ඔබ, ඔබේ හොඳම ජීවිතය ගත කිරීමට දැඩි ලෙස අවධානය යොමු කරන අතර එමඟින් ඔබට මේ ලෝකය සහ ඔබ සම්බන්ධ වන සියල්ලන් / සියුලු දේ නඟා සිටුවීමට හැකි වේ. 


===========================================


ගොඩක් මිනිස්සු හිතාගෙන ඉන්නේ... නැත්නම් විස්තර කරන්නේ මේ ලෝක physical existance එකේ පවතිනවා කියලා...


ඒ හින්දා එයලා ලෝක විනාස... අලුත් ලෝකයක  ඇතිවීම.... මහා ජන සංහාාර... ගැන කියව කියව බලාගෙන ඉන්නවා ඒවා වෙනකං... ඒ ගැන සිහින දකිනවා...


බලාගෙන හිටියාට... සිහින දැක්කාට... නං එක අතකට කමකුත් නෑ. මොකද ඒක එයාලාගේ කැමැත්ත නෙව! 🤭


තියෙන අවුල තමා... තමන් දකින ඒ හිනය social media වලට, messanger platforms වලට ඇවිත් දායක සභාවල් ෆෝම් කරගෙන කියවන එක. මොකද මෙලෝ තඹේක විචාර බුද්ධියක් නැති දායක ඇත්තෝ ඒවා විස්වාස කරලා වැලලෙන්න හදනවා! 🤣


හොඳට තේරුම්ගත්තොත් මෙි ලෝක කිසිවක් physically existance එකේ නෑ කියලා ඔයාලාටම තේරෙයි...


මේ ලෝක තුන විතරක් නෙමෙයි, මීට ඉහල ලෝක පවා (6D, 7D, ...) තියෙනවා කියලා කියවෙනවා.


එකම දේ ඒ සියල්ල පවතින්නේ මිනිස් සංතානය තුළ පමණයි.


ඒ හින්දා මේ ලෝකේ විනාස වෙලා වෙන ලෝක එනකං කට උඩබලියාගෙන හිටියාට ලෝකේ පහල වෙන්නේ නෑ. තමන් ඒ ලෝකෙට ගැලපෙන්⁣න හිත upgrade කර ගත්තේ නැතිනම්!!


මනුස්සයෙක් විධියට උඩට යන්න ඕන නං අපි හැමෝම....


Love &  Light වල හිත තියාගන්න ඕන...


හැබැයි එකම දේ


Light කියලා ගාථාවේ තියෙන ආලෝකෝ උදපාදි වචනය කියවන එකවත්.... Love කියලා ලකෙට පේන්න කොරන එකවත් නෙමෙයි වෙන්න ඕන. දෙකම self practice කරන්න ඕන...


තව දෙයක් මතක තියාගන්න ඕන...


මේ පඨවිය අපි⁣ට උගන්වලා තියෙනවාට වඩා ගොඩක්.පරණයි... මේක අපි හිතනවාට වඩා ගොඩක් කල් තව  පවතිනවා...


NASA එකට උල්කාපාත තිබුනාට.... මේක⁣ට ඉතිං මොනවා කියලා වැටෙන්නද? 🤣


අනිත්‍යතාව හෝ අනිච්ඡතාව ගැන ධර්ම පුස්තක කන්දක් කියෙව්වාත්... බණ නැවකට ඇහැව්වාත් වැඩක් නෑ practice එකෙන් තේරුම් ගන්නේ නැතිනම්!


මෙි ලියන මමත් පැය 24 ම practice කරන්නේ නෑ... එහෙම කරන්න තරම් ශක්තිමත් බවකුත් තාම මට නෑ...


නමුත් පොඩි වෙලාවක් හරි ඒ ගැන මෙනෙහි කරනවා...


මොකෝ මූලික ගණිත කරුම කොරලා ඉන්න එපායෑ අනුකලනය... අවකලනය ඉගෙන ගන්න! 🤣



========Conversation ======


//අපිට 3D පේන්නේ ඇයි..? //

- 3D පෙනෙන්නේ අපි (අපි කිව්වාට) අපේ හිත exist වෙන්නේ 3D Energy level එකක හින්දා...


//වෙනත් මානයන් දකින්න සිත දියුණු කර ගැනීමෙන් හැකියාව ලැබෙනවාද?//

- ඔව්.


එච්චර එපා balanced mind එකට ආවාම අපි 5D Transfer වෙනවා කියලාත් කියනවා.



Sana:- සමහර වෙලාවට 5D තත්වය වි‍ඳිනවා කියලත් හිතෙනවා .


අනිවා විඳිනවා...


අවුලකට තියෙන්නේ...


1. අපිට අදුරාගන්න බෑ  - ඇයි අපිට හරි හැටි තේරුමක් නෑ


2. අපිට ඒ තත්වය දිගට පවත්වාගන්න බෑ - මොකද duality එකේදි අපිට fedup වෙනවා.

අපිට පවත්වන්න බෑ = අපිට ඕන විධියට තියෙන්නේ නෑ = අනිච්ඡතාව


ප්‍රසිද්ධ පටිට ගහන වචනයෙන් කිව්වොත් අනිත්‍යබව


BT :- So people who are in 5D are vegetarian is it?


නැ... ඒ වෙලාවේ මට තේරුන විධියට ඒ ලියලා තියෙන්නේ...


ඒක අදාල නෑ... මොකද ඒ sensation එකට අල්ලා ගන්නේ නැතිව කන්න පුලුවන්නේ!







Saturday, August 5, 2023

Conversation - I

 ඇත්තට ඉස්සර මම දැකලා තියෙනවා තිරිවානා ගල් ගිලිනවා මනුස්සයෙක්....


ඔයා දන්නවාද... ඒ කාලේ අපේ මිනිස්සු තිරිවානා ඇත්තටම උයලා කෑවා කියලා?


අහලා තියෙනවා බොස්....

කොහොමද කෑවෙ කියල නම් දන්නෙ නැහැ....

උයලා...


අහලා තියෙන විධියට තිරිවානා ඉව්වාම නිකං බිත්තර කහමදේ වගේ වෙනවාලු!


අපේ කට වහරේ..


"නිකං ගල් ගිලලා වගේ"


... කියලා කථාවක් තියෙන්නේ නිකම්ම නෙමෙයි!


අපිට බොහොම හොඳ techniques තිබුනා ගල් දියකරගන්න... මෙලෙක් කරගන්න...


ඒකයි ඕච්චර ලස්සන කලුගල් නිර්මාණ අපිට තියෙන්නේ...

* දැන් ඉන්න අපේ මිනිස්සු


ගල මෙලෙක් කරා... ඕන විධියට හැඩ කරා!

අපේ මිනිස්සු හිතාගෙන ඉන්නවා වගේ කටුවෙන් මිටියෙන් ගහලා නෙමෙයි ඒ නිර්මාණ කලේ...


සෙල් ලිපි පවා ලිව්වේ එහෙම....


ඒකට කියන්නේ...


*ගල මඩකර ලියනවා*


... කියලා!