ආයුබෝවන් ඊයේ රෑ බොහොම හරබර කථාවක් යනවා දැක්කා...
මාත් ටිකක් වෙලා බලාගෙන හිටියා... ලස්සනට progress වෙවි තිබුන හින්දා මාත් inturupt කරන්න ගියේ නෑ...
බොහොම සංතෝසයි!
කෙම්බිමේ වෙන්න ඕනත් ඒ දේ...
මොකද බුද්ධිය කැලැම්බෙන තරමට තමා ප්‍රඥ්ඥාව ඔබ මට්ටම් වෙන්නේ...
මම ඒ chat එක කියවන්නම් අද දවසේ... Feedback එකක් දියයුතු තැනක් තිබුනොත් දාන්නම්!
ඒ කථා බහට, පොඩි කාරණාවක් නම් එකතු කරන්නම ඕන කියලා හිතුවා...
කථාව ඇදිලා ගියේ යුද්ධය සහ depopulation එක ගැන...
එතැනදි ඔයාලා හැම කෙනෙක්ම point කලේ භෞතිකමය කාරණාවලට. නැතිනම් වැඩි වශයෙන් focus කලේ නැතිවන මිනිස් ශරීර count එක ගැන...
ඇත්තටම ගත්තොත් ඒක නොගිනිය හැකි තරම් කුඩා සාධකයක්...
එයාලා හැමවිටම මරන්නේ අපේ හිත්!
Depopulate කරන්නේ පැහැදිලි... නිවහල්... සිතුවිලි සහිත මිනිස් හිත්!
ප්‍රශ්නය:-
යුද්ධ හරහා depopulate කිරීම සහ මනසින් depopulate කිරීම පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද?
හදිසියේ ලියාගෙන ආව එක නවත්තන්න සිද්ධ වුනා... ශමිරට උත්තර දෙන ගමන්ම ඒ ටිකත් ලියන්නම්...
ඒක එච්චර complex නෑ bro... මම ගැන උදාහරණයකින්ම කියන්නම්...
88/89 කියන්නේ මම ගොඩක් පොඩියි. හැබැයි ජීවත් වුනේ භීෂණය කියන එකේ කට උඩ. ලොකු ලොකු ප්‍රශ්න වලට මම හෝ පවුලේ අය මූණ නොදුන්නත්, ඒ කාලේ සමහර සිදුවීම් සම්බන්ධයෙන් තියෙන impact එක තාමත් මට තදින් දැනෙනවා වෙලාවල් තියෙනවා.
(මම විතරක් නෙමෙයි ඔයා දැන් ජීවත් වෙන්නේත් ඒ වගේම භිෂණය තිබුන බිම් කඩක)
හිතන්න මට එහෙම නං... යුද්ධයක් වගේ එකකට directly face කරන පුද්ගලයෙකුගේ මනෝ භාවය කොහොම down ඇද්ද?
මනසින් down මිනිස්සු පිරිසක් කියන්නේ පාලනය ඉතාම පහසු පිරිසක්...
එච්චර එපා... අද ලංකාවේ තරුණ පිරිසි අති මහත් බහුතරයක්... ආයෙත් කියනවා අති මහත් බහුතරයක්... ඉන්නේ ඉච්ඡාභංගත්වයට පත්වෙලා නේද?
කෙහොමද ඒක කලේ?
ඒකට තමා ගෝටා මහත්තයා අරගලේ introduce කරලා දුන්නේ එයාලට!
යුද්ධ, කළ කොලාහල, අරගල... කියන්නේ මිනිස්සු බොහාම ලේසියෙන් පාලනය කරන්න පුලුවන් දිගු කාලීන ආයෝජන. සමහර මිනිස්සුන්ගේ ජීවිත කාලෙටම කල impacts...
තුන්වෙනි ලෝකය කියන රටවල් වල ඒ වගේ කටුක ක්‍රම පාවිච්චි කරලා මිනිස්සු පාලනය කරද්දි... දියුණුයි කියන රටවල් වල මිනිස්සුන්ගේ ජීවිතයේ සුවපහසුව වැඩි කරලා... උන්ට හිතන්න බැරි කරවලා... උන්ව පාලනය කරනවා!
2 ways... but 1 ultimate result!
*කෙම්බිම සොයා...* යන අය විදිහට ඔයාලා හැම කෙනෙක්ම...
සිද්ධවෙන හැම සිදුවීකම physical resut එකට වඩා, ඒවායේ තියෙන මානසික effect එක ගැන අධ්‍යයනය කරන්න හුරු වෙන්න...
එහෙම දකින කෙනාට කෙම්බිම බොහෝ දුර නොවේ 🙏
ඉලුමිනාටිලා ගැන... මේසන්වරු ගැන....කථා කරන... එයාලාගේ symbolism decode කරන... ඒ සම්බන්ධයෙන් social media වල කථා කරන... බොහෝ දෙනෙකු (අපි එයාලට Whistle Blowers ලා කියමු) කියන කථා නිකං අරාබි නිසොල්ලාසයේ කථා වගේ වෙන්න හේතුවත් මෙන්න මේ කාරණාවම තමා.
එයාලා අපේ මනසට සිද්ධ කරන විපර්යාසයට සාපේක්ෂව පොඩි පොඩි incidents, physically කරලා පෙන්වනවා.... එතකොට තමා මිනිස්සු ඒ දේ විස්වාසයට ගන්නේ...
ඒ physical දේ අහුලාගන්න... අර මම උඩින් කිව්ව Whistle Blowersලා අපිට කියනවා... අපි බය වෙනවා... එයාලාගේ වැඩේ ඕනෑවටත් වඩා හොඳට වෙනවා.
දැන්වත් තේරෙනවාද අර ජෝකර් සිල්වා... අශ්කේරු... වගේ අය, මනුස්ස සංතානයට කොපමණ හානියක් කරනවාද කියලා?
මේ දවස්වල ලොකුවටම කථා කරන දෙයක් නේ *Zombie* කියන topic එක...
ඇත්තටම සොම්බිලා ඉන්නවාද?
ඉන්නවා!
කොහෙද??
මේ video එක බලන්න... උත්තරේ ලැබෙයි 👇
https://youtu.be/8sM-rm4lFZg?si=Omftx9vpfHNnpogo
Video එක තේරුනත්... නැතත්... ඒකේ තියෙන වචන කීපයක් හරි තේරෙයි ඔයාලට... ඒ ගැන කල්පනා කරලා බලන්න අපි කොච්චර manipulation එකකද මේ අතරමං වෙලා ඉන්නේ කියලා...
Sepali:-
මනසින් කඩා වැටුනොත් යථාතත්වෙට පත්වෙන්න හරිම අමාරුයි....භෞතික දේවල් නැතිවුනාට මනසින් ශක්තිමත් නම් විශ්වය හරිම ඉක්මනට අපිව තිබුණ තත්වයටත් වඩා ඉහලින් තියනවාමයි.....ඒක ස්ථිරයි. හැබැයි අපි විදව විදව හිටියොත් අන්තෙටම වැටෙනවා මිසක් ගොඩ යාමක් නැහැ....