පහුගිය දවසක, සංජීවනී අක්කා ඔයාලාගෙන් ප්‍රශ්නයක් අහලා තිබුනා.
ඒ ප්‍රශ්නය මතක් කලොත්...
//ලංකාවේ අපි පොදුවේ බැලුවොත් බටහිර මැදපෙරදිග රටවලට වඩා ආර්ථිකමය වශයෙනුත් ජීවන මේ වශයෙන් දැඩි පහත තත්ත්වයක් තුළ ජීවත් වන්නේ. ලංකාවෙ මිනිස්සු හිතනවා එයාලා තමයි මේ ලෝකේ ඉන්න පිංවන්ත මිනිසුන් කියලා. ඒකයි පවතින යථා ස්වභාවයට නොගැලපෙන නිසා අදහස් විමසන්න හිතුවේ.//
ඒ ගැන කථා කරන්න කලින් අපි දැනගන්න ඕන කාරණා කීපයක් තියෙනවා. සමහර කාරණාා ගැන කෙම්බිමේ කලිනුත් සාකච්ඡා වෙලා තියෙනවා... ඒ හින්දා කෙටියෙන් ලියන්නම්!
ප්‍රධාන වශයෙන්ම මේ ලෝකේ පවතින්නේ මොකක් මතද?
ලෝකය පවතින්නේ මිනිස් සිතේ ස්වභාවය මත. ලෝකය ඇතිවෙන්නේත්... පවතින්නේත්... නැතිවන්නේත් මිනිස් සිතුවිලි වල ස්වභාවය මත. ටිකක් හරි වැඩියෙන් දන්න බුද්ධ ධර්මයෙන් ඒ ගැන කිව්වොත්... අග්ගඥ්ඥ සහ සප්ත සූර්යෝද්ගමන සූත්‍ර දෙකේ පැහැදිලිවම කියවෙනවා ලෝකයේ හටගැන්ම, පැවැත්ම සහ විනාශය සිද්ධ වෙන්නේ මිනිස්සුන්ගේ තෘෂ්ණා සාධකය මත කියලා. තෘෂ්ණාව කියන්නේ සරලවම ගත්තොත් සිතුවිල්ලක්.
එක් එක් මිනිසාගේ සිතුවිලි එකතු වෙලා හැදෙනවා සාමුහික සිතුවිල්ලක්. එහෙමත් නැතිනම් ඒකට කියනවා සාමුහික විඥ්ඥානය කියලා. ඒකටම කියනවා සමුච්චිත විඥ්ඥානය, සාමුහික සංතානය, සමුච්චිත සංතානය වගේ වචනත් පාවිච්චි කරනවා. ඉංග්‍රීසියෙන් ඒකට කියනවා Collective Consciousness කියලා...
Collective Consciousness ගැන දන්න කෙනෙකුට අර මම මුලින් කිව්ව වාක්‍යය වඩාත් තේරුම් සහිතව කියන්න පුලුවන්...
මේ ලෝකය පවතින්නේ මිනිස්සුන්ගේ සාමුහික සංතානය මත කියලා.
ලෝකය පවතින්නේ එහෙම නං... ඒ ලෝකයේ ඇති රටවල් පවතින්නේත්, ඒ ඒ රටවල ඉන්න මිනිස්සුන්ගේ සාමුහික සංතානය මත කියන එක ඔයාලාට තේරුම් ගන්න පුලුවන් වෙයි කියලා හිතනවා.
උදේ ඉඳන් රෑ වෙනකං... ඊට පස්සේ ආපහු උදේ වෙනකං... මිනිස්සු නිකං ගිරව් වගේ තමන්ගේ රට ගැන කටින් කයිවාරු ගැහැව්වාත්... ඒ රට ගැන වංසේ කබල් ගෑවත්... ඒ මිනිස්සුන්ගේ හිත ඇතුලේ තියෙන්නේ පහත් හැඟීම් නම්... උදාර හැඟීම් බෙහෙතකටවත් හිත ඇතුලේ නැතිනම්... කිසි විටෙක ඒ රටට උඩට එන්න පුලුවන්කමක් ඇත්තේ නෑ. මොකද ඒ පහත් හැඟීම් වලින් ඇතිකරන්නා වූ සමුච්චිත සංතානය... ඒ සමූහ සංතානය නිසා ඇති වන්නා වූ frequency එක, එහෙමත් නැතිනම් Vibe එක, කිසිසේත් ඒ රටේ උන්නතිය පිණිස නම් පිහිටන්නේම නෑ.
ඒ හින්දා මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ ඇයි කියන එකට තියෙන්නේ අහස පොලොව ගැටලන්න තරම් ලොකු උත්තරයක් නෙමෙයි. තියෙන්නේ ඉතාම සරලම සරල වචන කීපයක්!
#ilankaLK
No comments:
Post a Comment