Saturday, August 5, 2023

Toxic People

 " Toxic " පුද්ගලයින් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද ?


" Toxic " කියන්නේ ...අපි ඇසුරු කරන පුද්ගලයාගේ හැසිරීම...අපිට ඍනාත්මක හා මානසික ආතතියක් හා කම්පනයක් ඇති කිරීමයි.


🤔 ඇයි කෙනෙක් " Toxic " වෙන්නේ ?


- Toxic  කෙනෙක් ඔයා ඇසුරු කරනවානම් , ඔයා හොඳට ඒයා ගැන හොයාලා බලන්න . මෙයාලා කාලයකට කලින් හෝ තවමත්...දරුණු විදිහට මානසික කම්පන  , ආතතීන් වලට ලක්වුණු අය...

ලක්වෙන අය


එහෙම පුද්ගලයෙක් තමන්ගේ තියෙන ඍනාත්මක සිතුවිලි, ආතතීන් මුදා හරින්නේ තව පුද්ගලයෙගේ සිත දරුණු විදිහට රිද්දවලයි.


ඇත්තටම එයාලට ඒක සතුටක් , සහනයක්.


👉 Toxic කෙනා...අපේ යහළුවෙක්, නැදෑයෙක්, දෙමව්පියෝ , girl friend / boy friend , husband / wife..මේ ඕනෑම කෙනෙක් වෙන්න පුළුවන් .


යාහළුවෙක් , නෑදෑයෙක් Toxic නම්, අපිට බොහෝ වේලාවට එයාලව ලඟින් ඇසුරු කරන්නේ නැතුව ඉන්න පුළුවන් , ඒත් සමීපතම කෙනෙක් වුණොත් , අපිට එයාලව ඈත් කරන්න බැහැ ...ඒයාලත් එක්ක කොහොමහරි ඉන්න වෙනවා.


🤔 අපි කොහොමද Toxic කෙනෙක් ඇසුරු කරන්නේ.?


👉 හොඳට මතක තියාගන්න ...මෙයාලගේ හැසිරීම්   , වචන වලට ...අපේ හිත් ගොඩක් රිදෙනවා. ඉතිං ...පළවෙනිම දෙය ...ඔයා ගොඩක් mentally Strong කෙනෙක් වෙන්නේ ඕනේ. ඒ කියන්නේ ...තව  පුද්ගලයෙක්ගේ හැසීරීමක්...වචනයක් ...ඔයාට බලපෑමක් නොවන තරමට.


👉 Toxic  කෙනෙක්ට ...ඔයා මුළු හිතින්ම සමාව දෙන්න ...අනුකම්පා කරන්න . මොකද ...දන්නවද...

Toxic  පුද්ගලයෝ...ඇත්තටම එයාලටත් නොතේරෙන විදිහට මානසිකව දුක්විඳින අය. 


👉 මෙයාලා එක්ක කතා බහ කරනකොට ...මෙයාලා ගොඩක් කතා කරන්නේ  ඍණාත්මක දේවල්...නිතරම අනෙක් අයගේ වැරදි ගැන කියනවා...බනීනවා..බොහෝ වේලාවට ..ඔයාට වුණොත්...මානසිකව වැටෙන විදිහටම විවේචනය කරනවා. 


මේ වගේ වේලාවට ...අහගෙන ඉන්න උත්සාහ කරන්න . එවාට පිළිතුරු දෙන්නවත්...තරහින් කෑගහන්න එපා. හෙමිහිට මඟහැරලා එතනින් ඉවත් වෙන්න බලන්න . එයාලා කැමති අනිත් අය එයාලා කියන දේවල් අහනවට.


👉 Toxic  කෙනෙක් ...මේ දේ කරන්නම කිව්වොත්...ඒ දෙය මොනතරම් ...වැරදි දෙයක් වුණත් එකපාර ප්‍රතිශේප කරන්න එපා. මුලින්ම ඒක පිළිගත්තා වගේ ඉන්න. පස්සේ  වේලාවක ...

එයා හොඳින් ඉන්න වේලාවක් බලලා..කියන්න , 

" අපි මේක මේක විදිහට කරොත් හොඳයි නේද කියලා .."


එයාලා කැමති ...එයාලගේ තීරණ ...විධාන අනෙක් අය පිළිගන්නවට..ඒ හින්දා මුලින් ඒ විදිහට කරන්න .


👉 ඔයා කරන්න යන හැමදෙයම ...මෙයාලා විවේචනය කරනවා. ඒ හින්දා ...හොඳම දෙය , කරන්න කලින් කිසිම දෙයක් කියන්න එපා. කරන දෙය. හොඳට plan කරලා කියන්න . 


එතකොටත් එයාලා වවේචනය කරනවා...ඒ වුණත් , එයාලා මොනවා කිව්වත්, තමන්ගේ මනසට බලපෑමක් නොවන විදිහට , තමන්, mental strong වෙන්න අවශ්‍යයි .


👉 Toxic පුද්ගලයා හරිම කැමතියි තමන් කැමති දේවල් ලැබෙනවට .ඒ හින්දා ...ඔයා මොනවා හෝ දෙයක් කරන්න කලින්, මෙයාලා කැමති ඇඳුමක්, කෑමක් ...වගේ ගෙනල්ලා දෙන්න. 


මේ දෙයින් පුළුවන් ...එයාව පොඩි වේලාවකට , සතුටින් තියෙන්න...අර Toxic ගතිය ටික වේලාවකට මඟහරින්න .


👉 Toxic පුද්ගලයාව ...ඔයා වෙනස් කරන්න යන්න එපා. මේක කරන්න බැරි වැඩක්. එයාගේ toxic හැසිරීම් ඔයාට පිළිගන්නම වෙනවා. 


👉 මෙයාලත් එක්ක කතා කරනකොට...ඔයාට කිසිම වේලාවක ඍණාත්මක දේවල් කත කරන්න එපා. ඔයා positive දේවල්ම කතා කරනකොට...කාලයක් යනකොට...එයාලා අනවශ්‍ය දේවල්..ඔයත් එක්ක කියන එක ගොඩක් අඩු වෙනවා.


👉 Toxic  අය තමන්ගේම අයව  විවේචනය කරනවා. තමන්ගේ අයගේ වැරදි ...අඩුපාඩු ...අනෙක් අයට කියනවා.


ඒ හින්දා...ඔයා ඔයාගේ වැරදි, අතපසුවීම් ,අසාර්ථකවීම් ..වගේ දේවල් මෙයාලට කියන්නේ නැති තරමට හොඳයි .


👉 මෙයාලව හොඳට analyse කරන්න . ඒ කියන්නේ ...දවසපුරාම මෙයාලා toxic විදිහට ඉන්නේ නැහැ . මෙයාලා calm down / relax එකේ ඉන්න වේලාවල් තියෙනවා .


මේ වගේ වේලාවල් වලට ...ඔයාට පුළුවන් ...ඔයාගේ යාහළුවන්ට invite කරන්න. party එකක් organize  කරන්න වගේ දේවල්.....


🤗 මෙයාලත් එක්ක ජීවත් වෙනකොට ...ඔයාගේ මානසික සෞඛ්‍යය හරිම වැදගත් . ඒ හින්දා ...


👉 Love yourself . තව කෙනෙක් නිසා..ඔයා ඔයාගේ ජීවිතය ..පල්ලෙහාට ඇඳ දමාගන්න අවශ්‍ය නැහැ .


👉 හොඳ ආහාර වේලක් ගන්න.


👉 හොඳ නින්දක් ලබාගන්න 


👉 දිනපතා exercises කරන්න.


👉 හොඳ positive අදහස් තියෙන අයව ඇසුරු කරන්න .


🤗 හොඳට මතක තියාගන්න .toxic හැම පුද්ගලයාම අපිට ජිවිතයෙන් ඈත් කරන්න බැහැ .

අමාරුවෙන් වුණත් ඇසුරු කරන්න වෙනවා. Mentally strong වීම තමයි මෙතන වැදගත්ම දෙය.


👉 මගේ ජිවිතයේ වැඩිපුරම ඉන්නේ...හම්බවෙලා තියෙන්නේ   toxic පුද්ගලයෝ. මම ඒ කිසිම කෙනෙක් එක්ක තරහාවෙලා නැහැ .ගොඩක් අයව සමීපව ඇසුරු කරන්නේ නැතුව ...අවශ්‍ය දෙයට විතරක් ඇසුරු කරනවා.


එතකොට ළඟින්ම ඇසුරු කරන්න සිද්ධ වෙන අයව...එයාලගේ හැසිරීම පිලිගෙන ඉන්නවා . අද වෙනකම්, එයාලා නිසා මම කිසිම විදිහකින් හිත රිද්දගෙන නැහැ . මම කරන්න අවශ්‍ය දේවල්..ආස දේවල් මඟහැරගෙන නැහැ . හිතේ සතුට මොනම විදිහකින්වත් නැති කරගෙන නැහැ .


🤗 හොඳට මතක තියාගන්න ....අපිට තව කෙනෙක් වෙනස් කරගන්න බැරි වුණත්....තව කෙනෙක් ගේ හැසීරීමක් ...අපිට බලපෑමක් නොවන විදිහට ඉන්න පුළුවන් කියලා ..


( සමහර toxic  පුද්ගලයින් කැමතියි ...එයාලගේ negative behaviors වෙනස් කරගන්න. එහෙම අය ඉන්නවා නම් , මනෝඋපදේශකයවරයෙක් ළඟට එයාලව අරන් යන්න. )


Copied from


Lakshi Soyza 

Psychologycal counselor /Personality development trainer /Certified NLP practitioner

Oneness

 *Oneness!*


අපි ජීවත් වෙන්නේ duality එක play වෙන ලෝකයක. එහෛමත් නැතිනම් ද්වතාවය ක්‍රියාත්මක වන ලෝකයක.


ඒ කිව්වේ හොඳක් වුනොත් නරකක් වෙනවා... ආලෝකය තිබුනොත්, අඳුර එනවා...  අඳුර ඒ වගේම ආපහු ඒකේ අනෙක් පැත්ත වෙනවා.


ඇයි මෙහෙම වෙන්නේ?


එහෙම වෙන්නේ මිනිස්සුන්ගේ සිතුවිලි එකම අරමුණක නොපවතින හින්දා. ඒ කියන්නේ යමෙක් සතු⁣⁣⁣ටින් හිටියොත්... යම් කාගලයකට පස්සේ, එයාට සතුට කියන සිතුවිල්ල එපා වෙනවා. එහෙම වුනාම එයා ඒ සතුටේ අනෙක් පැත්තට යන්න try කරනවා. ඒ වගේම දුකටත් එච්චරම තමා.


වෙන එකක් තියා කට්ටෙට පායලා තියෙද්දි දවසක් වැස්සොත් අපි වැස්සට බනිනවා නේද?


අන්න ඒ වගේ අපිට ඕනෑම දෙයක් ඇති වෙනවා... ඒ දේ ගැන මහන්සි හිතෙනවා... එපා වෙනවා...


ඔය ⁣ලොකු ලොකු බණ කියන අයයි... බණ තලන අයයි... අනිච්චතාව කියලා උගන්වන්න උත්සාහා කරන්නේ ඔන්න ඔය කියන සරල සිංහලේ.


නමුත් එයාලා ඒකට ගන්නේ මේ භෞතික ලෝකේ උදාහරණ. භෞතික ලෝකයේ නොපැවතීම්.


නමුත් ඒකෙන් මානසික තත්වය තේරුම්ගන්න මිනිස්සුන්ට බෑ.


ඉතිං මොකක් හරි විකාරයක් තේරුම් ගන්නවා!


යම් පුද්ගලයෙක් මෙන්න මේ කියන්නාවූ ද්වතාවය ගැන දකින්න පුලුවන් වුනොත්...


ඒ පුද්ගලයාට ද්වතාවයට හේතුවෙන අන්ත දෙකම දකින්න පුලුවන් වෙනවා.


අන්න ඒ් දැක්මට තමා අපි කියන්නේ පුද්ගලයෙක් balance mind එකට පත්වෙනවා කියලා.


එහෙම නැතිනම් ඔහුගේ හෝ ඇයගේ 6 වෙනි චක්‍රය අවධි වෙනවා කියලා...



මෙන්න මේ balance mind එකේ ඉන්න කෙනෙකු⁣ට ඔය කියන අන්ත  දෙකෙන්ම වෙන්වෙලා... ඒ දෙකම දිහා සිහියෙන් බලාගෙන ජීවත් වෙන්න practice කරන්න පුලුවන්.


අන්න ඒ practice එක හොඳින්ම කරගත්ත⁣ කෙනෙකුට ද්වතාවය play වෙන විධිය බලාගෙන.. ඒ play එකට වෙන්න දීලා පාඩුවේ ජීවත් වෙන්න පුලුවන්.


අන්න එහෙම පුද්ගලයෙකුට තමා oneness වලට පත්වුන පුද්ගයෙක් විධියට හඳුන්වන්නේ...


මෙන්න මේ oneness තත්වය හින්දු ධර්මය තුළදි බ්‍රහ්මත්වය විධියටත්... බුද්ධ ධර්මය තුළදී බ්‍රහ්ම ලෝක විධියටත් හඳුන්වනවා.

Oneness තත්වයට පත්වුන කෙනෙක් ලෝකය නිසි ලෙස දැකලා එයින් මිදිලා යන්න උත්සාහා කරන්න හිතනවානං... ඔහු හෝ ඇය ඒ කියන්නා වු මීදීම... නික්මීම උදෙසා වූ මාර්ගය practice කරන්න පටන් ගන්න ඕන...

බුද්ධ ධර්මයේ ලියලා (ආයෙත් කියනවා ලියලා) තියෙන විධියට ඒ නික්මීමේ මාර්ගයේ පලමු step එක තමා සෝවාන් තත්වය.

දැන් ඔයාල⁣ට තේරුම් යනවා ඇති oneness වලට උඩින් තමා සෝවාන් තත්වය තියෙන්නේ කියලා...

හිතනවා යම් ආකාරයක පැහැදිලි වීමක් ලැබෙන්න ඇති කියලා.


ගැටලු තියෙනවානං අහන්න. තේරුම්ගෙන තියෙන විධියට උත්තර දෙන්නම්! 🙏


තව දෙයක් මතකයේ තියාගන්න...


මේ ලියලා තියෙන්නේ මම තේරුම්ගත්ත ආකාරයයි කියන දේ. සමහර විට යම් යම් අඩුපාඩු තියෙන්න පුලුවන්.


ඒවගේ අඩුපාඩු තිබුනොත් ඉදිරියේදි අපි සාකච්ඡා කරමු! 🙏

පොඩි add එකකුත් දාන්න හිතුනා...


ඔය oneness වලට හරියටම පහලින් තමා කෙම්බිම තියෙන්නේ! 🙏🤣

ඒ හින්දා...


කෙම්බිම සොයා...


... යමු අපි!